Sunday, May 8, 2016

ලින්ගිකව එක් වීමට බලාපොරොතු වනවානම් අනිවර්යෙන්ම කියවන්න




,xldfõ mj;sk iudc jgmsgdj ksid m%isoaêfha mejiSug leu;s jqj;a hym;a ,sx.sl Ôú;hla hkq ksis jhig meñ‚ ldka;d" msßñ fï ish¿ fokdf.au uQ,sl wjYH;djla' lEu" îu" yqiau .ekSu jf.au w;HdjYH ta jf.au b;du iajdNdúl wjYH;djla' hym;a ,sx.sl Ôú;hla .;lsÍu u.ska ie,fik m%;s,dN lsysmhla my;ska oelafjkjd'

1 udkisl wd;;sh iukh ùu' 

hym;a ,sx.sl Ôú;hla .; lsÍu hkq udkisl wd;;sh i|yd we;s fyd|u úi÷ula f,ihs ffjoHjreka mjid isákafka' tfukau reêr mSvkh ksis uÜgfï ;nd .ekSug;a th WmldÍ jkjd' 

2 hym;a reêr mSvk ;;ajh' 

wê reêr mSvkh yd u| reêr mSvkh hk fï ;;ajhka folu YÍr fi!LHhg b;du wys;lr nj wuq;=fjka lsj hq;= keye' lsÍgl Ouksh wdY%s;j we;sjk wjysr;d" yDohdndO" jl=.vq wdndO fukau wd>d;h hk frda.dndO j,g uQ,sl fya;=jla jkafkao reêr mSvkh ksishdldrj fkdùuhs' hym;a ,sx.sl Ôú;hla .; lsÍfuka Tfí reêr mSvkho hym;a uÜgul ;nd .; yelshs'

3 m%;sYla;sh jeäùu'

m¾fhaIK u.ska fidhdf.k we;s wka;ug i;shlg jrla fojrla ,sx.slj tlaùu bñhqfkda.af,danq,ska ta ^(immunoglobulin A/lgA) kï m%;sfoayh flfrys ie,lsh hq;= by, uÜgulska n,mEï lrkjd' fuys we;s jdish jkafka fiïm%;sYHdj iy wfkl=;a wdidok j,g tfrysj Tfí m%;sYla;SlrK moaO;sh Yla;su;a ùuhs' 

4 ,sx.sl tlaùu hkq jHdhduhla

ffjoHjreka mjik wkaoug YÍrfha Yla;su;a nj" kuHYS,S nj" iunr;dj fukau Tfí yDofha hym;a l%shdld;aÍ;ajh /l.ekSug;a Tfí ,sx.sl Ôú;h WmldÍ jkjd' 

5 le,ß oykh ùu' 

m¾fhaIK u.ska fidhdf.k we;s wdldrhg úkdä 30l muK wd,sx.khlska Tfí isref¾ le,ß 85lg jvd oykh jkjd' 

6 hym;a yDo l%shdldÍ;ajh 

reêr ixirKh l%uj;a ùu ksid yDohdndO fukau wd>d;fhka je<lSfï m%;s,dNh o hym;a ,sx.sl Ôú;hla ysñ Tng w;a jkjd' 

7 hym;a mjq,a Ôú;hla .; lsÍug ,eîu' 

Tn iy Tfí iylre$iyldßh w;r we;s iïnkaO;dj jvd hym;a uÜgulg f.k tafï tla jeo.;a lreKla jkafka Tn fofokd w;r we;s hym;a ,sx.sl Ôú;hhs' 

8 iqj kskaola ,nd.ekSug yelsùu

9 ldka;djkaf.a fY%da‚ fïL,dj wdY%s; fmaYs iúu;a ùu' 10 msßñkaf.a mqriaÓ .%kaÓ ms<sld wjodku wju ùu' 11 wd;au úYajdih j¾Okh ùu' 

12 Tlaisfgdiska (oxytocin) fyj;a wdor fydafudakh 

,sx.slj tlaùfï§ fuu fyda¾fudakh Y%djh ùu jeä jk ksid ta ;=,ska Tn yd Tfí iylre$iyldßh w;r jvd ióm ne£ula we;s jkjd' fuu fyda¾fudakh hym;a yeÕSï yd oeäj iïnkaOlï olajk nj úoHd{hka mjikjd' 

fï ish,a,u;a iuÕ mejish hq;= jeo.;au lreK jkafka iudc frda. je<£fï wjodkula we;s fujka iuhl Tn úiska Tfí ,sx.sl lghq;= úYajdijka; iylrefjl=g$iyldßhlg iSud l< hq;= njhs' th Tfí iudc ;;ajhg" iïnkaO;d wd§ fï iEu fohlgu b;du jeo.;a' ke;fyd;a isÿjkafka ksis oekqula fkdue;sj iq¿ fudfyd;l i;=gla fidhd hdu ksid bÈß Ôú;hu wiqkaor tlla njg m;alr.ekSughs' fuu ;;ajhka u. yrjd .ekSug Tfí iylre$iyldßh iuÕ Tfí yeÕSï" oekSï b;d újD;j l;d ny lsÍu ;uhs l< hq;af;a'

Tuesday, May 3, 2016

ඉල්ලන්නට ලැජ්ජ හිතුනට නොගත්තොතින් වැඩ වරදින පෙත්ත.



ඊයේ රාත්‍රී සේවා මුරයේ වැඩ කටයුතු අවසන් කරල ගෙදර එනකොට උදේ නමයට විතර ඇති , බස් එකේ පැත්තකට වෙලා පොඩි නින්දක් දැම්මත් , මේ තියෙන සීතලත් එක්ක දවසම උනත් නිදා ගන්න පුළුවන් තරම් ...ඉක්මණටම කාළ බීල , මනෝජත් එක්ක පොඩි කතා බහක් කරල , අන්තර්ජාලේ පොඩ්ඩක් ගත කරල , සැප නින්දක් දාන්න කියල ඇඳට ගියා ...නින්දක් යාගෙන ආව විතරයි ...,


“ මහේෂ් , මෙන්න ඉෂාන් කතා කරනවා මොකක්ද ලොකු හදිස්සියක්ලු ..මම කිව්ව ඔයා නිදි කියල ......ඔයාව නැගිට්ටවල හරි පණිවිඩේ කියන්නලු ...“  , “ මේ වෙලාවේ ....දැන් එහෙට රෑ නේ ...මොකක්ද හදිස්සිය ...“
“අනේ මන්දන්නෑ ..ඔයාටම කියන්න ඕන කිව්වේ ...“
‘හ්ම් ..මොනව කරන්නද ? ....මොකක් හරි ලෙඩක් දාගෙන වෙන්න ඇති .....“ , හිමින් සැරේ ඇදෙන් බැහැ ගත්තට තවම නිකං පාවෙනව වගේ ....

Skype call එකක් , ...ආයෙත් ඉෂාන්ගෙන් ....answer කරා...
“මහේෂ් අයියා....ලොකු කරදරයක් මට ...උදව්වක් ඕනමයි දැන් නං , නැත්නං ජීවිත දෙක තුනක් අනතුරේ ...“

මෙන්න තවත් කෝල එකක් ..
මගේ තිබුණු “පාවෙන ගතිය “ එකපාරට නැති උනා වගේ ..ජීවිත දෙක තුනක් අනතරේ .., මොකද ඉෂාන් මල්ලී  , exam එකේ ප්‍රශ්නයක්ද ?....“ මාත් එක්කම I.E.T.S වලට එකට පන්ති ගිය , එතැනින් ඇරඹුනු මිතුරු බව තවමත් පවතින මේ තරුණයා ඇත්තටම දක්ෂයෙක් , ඒත් යම් හේතුවක් නිසා ඔහුගේ තිබුණු සැලසුම් බොහොමයක් බිඳ වැටිල ටිකක් හිතේ කණගාටුවෙන් හිටි බවමතකයි , ආයෙත් I.E.L.T.S කළා ....මේ පාරත් ඇනගත්තද දන්නෑ ...

“නෑ මහේෂ් අයියා  , මං exam වැඩේ අතඇරිය මේක වෙන වැඩක් ...අයියා , ඔතන අක්ක නැ නේද ? ....“ ඉෂාන් වට පිට බල බලා මොකක්දෝ කියන්න තනනව වගේ අපැහැදිලි සේයාවක වීඩියෝවක් පේනවා ..

“නෑ මල්ලී , අක්ක ගේ අස් කරනවා , දැන් මෙහේට උදේනේ , එයා වැඩ  අල්ලන වෙලාව ..ඉතිං...මොකද ප්‍රශ්නේ ? “
“මහේෂ් අයිය , පීරියඩ් නැවතුනොත් බයයිද ....?“
“මොන පීරියඩ් ද .....“
“නෑ අයිය ගිය මාසේ මං ගියා සුනී නංගිව හම්බ වෙන්න ..., පොඩි දෙයක් උනා ..එච්චර ලොකු දේකුත් නෙවි , ...ඊට පස්සේ ...අරින් එකක් දාගත්ත , ....ඒවුනාට අද හවස එයා කොල් කරල කියනවා  ,මේ පාර තවම නෑහැලු ...එයාට බයයිලු , ....එහෙම උනොත් ඔක්කොම ඉවරයි අයියා , මොකක්ද කරන්නේ ...“ ඉෂාන් එක දිගට කියාගෙන ගියා , ...දැන් හිතා ගත හැකි වෙච්ච දේ , ලංකාවේ ඉඳිත්දි නම් ඔය වගේ ප්‍රශ්න ගනනාවක් එක සතියට අහන්න වෙනවා , දැන් ටිකක් අඩුයි , එත් තවමත් ....
“පොඩි දෙයක් උනා කිව්වේ ..? “   මට තේරුනා කතාව ඒත් ඒකේ තහවුරු කරගන්න තැන් කිහිපයක් තියෙන නිසාම ඇහුවේ ..

“නෑ අයිය ටික වෙලාවක් එහෙම කළා ...හැබැයි මුකුත් දාගෙන හිටියේ නැහැ , ඒ උනාට මට තේරුණා එහෙම මුකුත් පිට වුනේ නැහැ කියල , ඊට පස්සේ කොන්ඩම් එකක් දාගත්ත ...“ පණ ගැහෙන මාළුවෙක් වගේ කියවගෙන ගියා ,
“එහෙම වෙන්න පූළුවන්ද මහේෂ් අයියා ,ටික වෙලාවකින් ...“
“ඔව් ඒක වෙන්න පුළුවන් , ඒ නිසානේ කියන්නේ එතැනට යන්න ඉස්සර වෙලා අර පස්සේ දාගත්ත එක දාගෙන සූදානම් වෙලා යන්න කියලා ...කමක් නැහැ , අපි දැන් මේ ප්‍රශ්නේට උත්තර හොයමු , “
“අනේ ඔව් අයියා , වැඩේ positive  උනොත් ජීවිත දෙක තුනක් අනතුරේ අයියා , මගේ ප්ලෑන් ඔක්කොම වතුරේ ..“
...“හරි අදට දවස් කීයද ..“
“ මේ වැඩේ වෙලානම් මාසයයි දවස් දහයක් දොලහක් විතර , ගිය මාසේ පෝයදා ..නිවාඩුනේ , ඒකයි ගියේ ..“
“පෝයදා ...එදාට  පන්සලකට ගියානම් කරකයිනේ ....“  මෙච්චර වෙලා තිබුණු මුහුණු වෙනස් වෙලා පොඩි හිනාවක සේයාවක් මතුවුනා ...
“එතාකොට නංගිගෙන් ඇහැවුව්ද , දැන් දවස් කීයක් ප්‍රමාදද කියල ...“

සිත සිසිල් කරනා පුන් සඳ පෑයූ දා  ගිණි ගන්නා සිත්
“ඔව් එයා තමයි කිව්වේ දැන් සතියක් විතර late ලු , හැබැයි ඇඟට වෙනසක් නම් නැහැලු , එයත් හොඳටම බය වෙලා , මේ පාර පිඨ යන්න බලාගෙන ඉන්නේ , මේක උනොත් ඔක්කොම ඉවරයි ...“
“මේකයි ඉෂාන් , ඔයාලා ඊට පස්සේ හරි , අර ටැබ්ලට් දෙක  ගත්තේ නැත්ද ? “ ...
“නෑනේ අයියා , අපිට හිතුනෙම නැහැ ,එහෙම වෙයි කියල , අනෙක මේ ෆාමසිවල ඉන්න ඔක්කොම අඳුනනවනේ කොහොමද ඕව ඉල්ලන්නේ .......,වැඩේ positive උනොත්  මොකක් හරි කරන්න වෙනවා අය්යා නැත්නම් ඉවරයි “
“මොකක් හරි කිව්වේ .....abortion නම් මට මෙතනින් එහාට උපදෙසක් දෙන්න බැහැ , මොකද මට බැහැ ජීවිතයක් නැති කිරීමකට එකතු වෙන්න , තරහ වෙන්න නම් එපා , ඒ වගේම දැන් මේ කෝල් එක කට් කරලා මාත් එක්ක තරහ වෙලා එක එක තැන ගිහින් ජීවිත දෙක තුනත් නාස්ති කරගෙන හිරේ විලංගුවෙ වැටෙන නැඩ කරගන්නත් එපා .......හැබැයි මට මේහෙම කියන්න පුළුවන් , menstruation දවස් කීපයක් පරක්කු උනා කීවමටම pregnant කියන්න බැහැ , තව හේතු තියෙන්න පුළුවන් , ඒත් දවස් දහයක් විතර පරක්කු නම් මේ සිද්දියත් එක්ක urine hCG එකක් කරවගන්න , ඒකෙන් දැන ගන්න පුළුවන් එහෙම වෙනසක් වෙලාද කියලා , positive නම් අපි බලමු වෙන ප්ලෑන් එකක් ....“
“මොන ප්ලෑන්ද අයියා එහෙම වුනොත් ...“
“හරි , එහෙම positive නොවුනොත් ..“
“එහෙනම් කොච්චර ෂොක්ද අයියා , නිදහස්නේ , හපොයි ඊට පස්සේ නම් අරවයින් ටිකක් පර්ස් එකේ දාගෙනම ඉන්නව , පොස්ටිනෝත් එක්කම ...“ ඉෂාන්ගේ කළබලේ ටිකක් අඩුයි වගෙ ...
“මොකදටද ටිකක් පර්ස් එකේ දාගෙන ඉන්නේ මාසෙටම එක පෝයයි නේ තියෙන්නේ ....“

ආදරයේ උණුසුම් සුසුම් ....
------ -----------------------------------මේ කතාවේ ඉතිරිය ඔබත් එක්ක කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ , මේ නම් ව්‍යාජ වුවත් , මීට දින දෙකකට විතර පෙර වූ සත්‍ය සිදුවීමක් , සමහර විට මේ “ඉෂාන් “ අද මේ ලිපිය කියවනවත් ඇති , ඒත් මට හිතුන අද ලංකාවේ තරුණ තරුණියන් අතර තිබිය යුතු , ඒත් නිවැරදිව නැති , වැරදියට විකිණෙන ප්‍රජනක සෞඛයට අදාල Emergency contraceptive pills -E.C.P ගැන කතා කරන්න ඕන කියලා ,මොකද මේ ඇත්ත කතාවක් , හැම රජයේ නිවාඩු දවසකම , විශේෂයෙන් පෝය දවසකම ඒ ආසන්නයේ තිබෙන හෝටල් කාමර වෙත ඊ වේගෙන් එන ත්‍රීවීල් වලින් බැහැල “ආදරය කරන්න නොදන්න කමට කාමර වලට රිංගන පුංචි එවුන් මගේ ඇහැට ඕන තරම් දැකළ තියෙන නිසා , සමහරු ටියුෂන් ක්ලාස් එකේ නම තියෙන බෑග් එකත් එක්කම මේ තැන් වලට යන්නේ සිසිල් බීම වීදුරුවක රස බලන්න නම් වරදක් නැහැ , ඒත් ඔවුන් එන්නේ ජීවිතය ගිණි තියාගෙන බව අපේ ඇහැට කණට අසන්නට දකින්නට ලැබුණු වාර අනන්තයි ...මතකද අපි මේ ගැන කතා කළා මෙන්න ඒ ලිපිය..

හරි දැන් අද කතාව , මොනවද මේ E.C.P ? නමේ හැටියටම කිව්වොත් “ හදිසි ගැබ් ගැනීම් වලකන පෙති “ ,

හදිසි පෙත්ත.....
ප්‍රජනක වශයෙන් සක්‍රිය ස්ත්‍රියක සහ පුරුෂයෙක් නිස සැලසුමක් නැතිව අනාරක්ෂිත ලිංගික එක්වීමක්  වුනොත් එය සුළු මොහොතක් වුනත් “ගැබ් ගැනීමක් “ සඳහා ඉඩක් තිබෙනවා , මොකද ඔබ දන්නවා ගැබ් ගැනීමකට අවශ්‍ය එක් sperm සෛලයක් , (පුරුෂ ජන්මාණුවක්) සහ එක් ස්ත්‍රී ovum එකක් විතරයි(මෙන්න ඒ ගැන කතාව) , අනෙක ඩිම්බ සෛලය පිළීවෙලකට , චක්කරේකට වැඩ (මෙන්න ඒ ගැන කතාව) , ඒත් පුරුෂ ජන්මාණූ සෛල හරිම කළබලයි , ඔය වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් පැන ගත්තත් ඇති ...ඊට පස්සේ මතකයිනේ අර පීණූම් තරඟය , තරඟයේ ජයග්‍රාහකයට තමයි ඩිම්බ සෛලයත් එක්ක එක් වෙලා පැටියෙක්ව හැදීමේ වාසනාවන්ත අවස්ථාව ලැබෙන්නේ , (මෙන්න ඒ ගැන ලිපිය සහ වීඩියෝව ...කියවලම හිටියනම් තමා හොඳ ...)

දැන් මේ පෙති මොකද දන්නවද කරන්නේ , ඒ පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඇඟට ඇතුලු වෙලා , ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා , නැත්නම් ප්‍රමාද කරනවා , සමහර විට එකතු වුනත් එය ගර්භාෂයේ තැන්පත් වෙලා “නියම පැටියෙක් “ බවට පත් වෙන ක්‍රියාව අඩපණ කරනවා , ඒ කියන්නේ ගර්භනී බවක් ඇති වීමේ ඉඩ අඩු කරනවා ,

පරිස්සමට ....
මේ පෙත්තයි , අර දිනපතාම ගන්න පවුල් සැලසුම් පෙත්තයි අතර තරමක සමාන සහ අසමාන කම් තියෙනවා , සමාන කම හෝමොන වලින් වුනත් මේ E.C.Pවල හෝමෝන ප්‍රමාණය ටිකක් වැඩියි , ඒ වගේම සක්‍රිය බව වැඩියි ,  හැබැයි හොඳට මතක තියා ගන්න ඕන දේ තමයි අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මණින් පැය 6ක් 72ක් අතර , වඩාත් හොඳ ඉක්මණට ගන්න එකයි) මෙහි පළමු පෙත්ත ගන්න එක , ඒ කිව්වේ  ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ Postinor-2 එන්නේ පෙති දෙකක් විදියට , පළමු පෙත්ත හැකි ඉක්මණින් ගත්ත වගේම එහි දෙවැනි පෙත්ත පැය 12කින් ගන්නම ඕන , පරක්කු කරන්න කරන්න වෙන්නේ මෙහි සාර්ථක බව අඩු වෙන එක , හරියටම වෙලාවට මේ පෙති ගත්තොත් ගර්භණීත්වයක් ඇතිවීම 90%කින් විතර වලක්වා ගන්න පුළුවන්(100%ක්ම සාර්ථක ක්‍රමේ abstinence , ඒ කිව්වේ ලිංගිකව එක් නොවීම , ඊළඟට Condom , sterilization වගේ ක්‍රම  ,  අපේ ඉෂාන්ට වුනා වගේ අනාරක්ෂීත “ශුක්‍රාණු පිටවිමට පෙර පිටතට ගැනීම withdrawal  කියන්නේ නම් ඉතාම අසාර්ථක , නොකළ යුතුම ක්‍රමයක් )

දැන් නම් ඕන ෆාමසියකින් මේ පෙත්ත ගන්න පුළුවන් , විශේෂ වෛද්‍ය සටහනක් අවශ්‍ය නැහැ , මිළත් අඩුයි , ඒ වගේම මේ පෙතිවලින් බොහොම අවස්ථාවල ලොකු අනතුරක් ඇත්තෙම නැති තරම් , සමහර විට පෙති බිව්වට පස්සේ ඔළුවෙ කැක්කුමක් , ඔක්කාරෙට වගේ එන්න නැතනම් වමනෙ යන්න පුළුවන් , ඒක් වලක්ව ගන්න පුළුවන් බිස්කට් හරි කෑම ටිකක් හරි කාළ පෙති බිව්වම , හදිසියේ හරි පළමු පෙත්ත අරගෙන පැය තුනක් වගේ කාළයක් ඇතුලත වමනේ ගියොත් දෙවැනි පෙත්ත ඉක්මණින් ගන්න . හැබැයි පෙති ගොඩක් එකපාරට කටේ දාගන්න එපා , ඒක තව ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් , කොහොම වුනත් දිගින් දිගටම වමනේ යනව නම් පෙති ගිල ගිල ඉන්නේ නැතිව ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න  ,

කොහොම වුනත් ඔබට අපස්මාරය , ලේ ගැලීමේ රෝග තත්ත්ව තිබේ නම් පෙත්ත ගන්න ඉස්සරම වෛද්‍ය උපදෙස් ගන්න , නැත්නම් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න , මොකද මේක “කෝකටත් තෛලයක් නොවන නිසා“ ...අනෙක මේක හැමදාම ගන්න එපා , හදිස්සයකට විතරයි , මොකද හැම බේතකම side effect තියෙනවනේ ..

කොහොම වුනත් වඩාත්ම සාර්ථක ක්‍රමේ මේ වයසෙදි දැනුවත් වෙලා ඉන්න එකත් , මේ වගේ තැනදි හිත පාලනය කරගන්න උත්සාහ කරන එකත් , කොහොම වුනත් ඔසුසැලකින් කොන්ඩම් එකක් ඉල්ලන්න , මෙයින් පෙති පැකට් එකක් ඉල්ලන්න “අනවශ්‍ය ලැජ්ජාවක් තියාගන්නත් එපා“ මොකද නැත්නම් ඉතින් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවානේ ..

ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?


සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති…
අපි කතා කරන්නට යන්නේ ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය තමයි යූවතියකගේ ජීවිතයේ ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවිය යූතුයි කියන මතය.
අප රටේ සංස්කෘතිය අනූව යූවළක් එක්තැන්වීමේදී මේ සිද්ධිය බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මෙයට මූල් වෙන්නෙත් වැඩිහිටියන්මයි. විශේෂයෙන්ම නගරයෙන් ඈත තරමක් පිටිසර පළාත්වල මේ ප්‍රශ්නය තවමත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් වෙත පැමිණෙන යූවතියන් ගණනත් වැඩිවී තිඛෙනවා. මෙයින් බොහෝ දෙනා මෙයට පෙර ලිංගික සබඳතා පවත්වපූ අය නෙමෙයි. නමූත් ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවීමක් සිදුවෙලා නෑ. මේ අයට මෙය විශාල ගැටලූ‍වක්. එයට හේතුව තමන් විවාහ වූ සැමියා තමන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමයි.
වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.
කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිඛෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.
පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්.
ඇතැම් අවස්ථාවල යූවතියන්ගේ උපතින්ම කන්‍යා පටලයේ සිදුරක් පිහිටන්නේ නැති අවස්ථාත් තිඛෙනවා. එහිදී ගැහැනූ ළමයින් වැඩි වියට පත් වන ලක්ෂණ ඇති වන්නේ නෑ ඔවූන්ගේ අවූ. 12: 14 පමණ වන විට එනම් වැඩිවිය පැමිණෙන කාලය වන විට ඔවූන්ට යටි බඩ පෙදෙසේ අධික වේදනාවක් ඇති වෙනවා. හරියටම මාස් පතා මෙය සිදු වෙනවා. නමූත් රුධිරය පිටවන්නේ නෑ. නමූත් අනෙකුත් වැඩිවියට පැමිŒමේ ලක්ෂණ තිඛෙනවා. පියයූරු වර්ධනය වෙනවා. ශරීරය වෙනස් වෙනවා. රෝම වැවෙනවා. නමූත් ඔසප් වීම සිදුවන්නේ නෑ. එයට හේතුව කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම වැසී තිබීමයි. මෙවැනි ලක්ෂණ ඇති වූවහොත් ඇය වෛද්‍යවරයෙක් වෙතට ගෙන යා යූතුයි. එහිදී වෛද්‍යවරයා සූළු සැත්කමක් මගින් කන්‍යා පටලයේ සිදුරක් සාදා එක්රැස් වී ඇති රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මෙහිදී සිදුවී ඇත්තේ මාස් පතා ඔසප් වීම සිදුවූණත් එම රුධිරය පිටතට ඒමට සිදුරක් නොමැති වීමයි සැත්කමෙන් පසූ මාස්පතා නිසිලෙස ඔසප් වීම සිදුවෙනවා.

දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?


තාරුණ්‍යය.......... තාරුණ්‍යය කියන්නෙ ඇත්තටම බොහොම ලස්සන සුන්දර වගේම රහස් වලින් පිරුනු දෙයක්.මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේදි කතා නොකරන ගොඩක් කරුණු කාරණා තියෙනව.ඉතින් ලිංගිකත්වය කියන්නෙත් එහෙම එකක් තමා.

ස්වයං වින්දනය.......... මං හිතන්නෙ මේ ගැන නොදන්නා කෙනෙක් නම් නැත්තටම නැති තරම්.පුද්ගලයින් [ගැහැණු හෝ පිරිමි] 100ක් ගතහොත් එතැනින් 70%ක් දෛනිකවත්, තවත් 22%ක් අවස්ථානුකූලවත් ස්වයංව අත්විඳිනා මේ දෙය අපිට තවමත් සාමාජීය වපසරිය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින් සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මතය බවට අරුත් ගන්වා තිබීමයි.

කෙසේ හෝ මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි.


1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?

බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.

වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලු.

"දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?"

කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඬනගල කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වල


"මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා නෑනෙ"

ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,

 "ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ" යන්නයි



2.අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා ;) ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.


කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි.




3.ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?

දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ,

"සර්, දැන් මගේ වයස අවුරුදු 26යි.මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා.දැනුත් එහෙමයි.අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? " කියලයි.

ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ.මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිබෙනවද යන බවත් ඇතුලුව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි.මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) හෙවත් ශුක්‍ර තරල විශ්ලේෂණය යනුවෙනි.ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිබෙන බව තහවුරු විය.ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනව.


4.ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?

ස්වයං වින්දනයේ යෙදීම රෝගයක් නෙමේ කියල මීට ටිකක් ඉස්සෙල්ලත් මම කිවුව.ඒත් ස්වයං වින්දනය නිසා තමන්ගෙ කායික සහ මානසික සෞඛ්‍ය තත්වය පිරිහී යනව කියල හිත හිත දුකටත්, බියටත් පත් වී කනස්සල්ලෙන් ජීවත් වෙන එක නම් මානසික රෝගයක්.ඒ හැරෙන්න සමහර මානසික රෝගී තත්ත්වයන්හිදී (හීනෝන්මාදය සහ OCD රෝගය)කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීමට නිතර නිතර පෙළඹවන්න පුළුවන්.එවිට ප්‍රතිකාර කල යුත්තේ මානසික රෝග‍යට විනා ස්වයං වින්දනයට නෙමේ.


5.තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?

ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත.

තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.


6.පිරිමියෙක් ස්වයං වින්දනයේ යෙදුන කියල පුරුෂ ලිංගය ඇද වෙනවද?

නැහැ.ඒක බොරු කතාවක්.එහෙම නම් ලිංගික සංසර්ගයෙ යෙදෙන අයගෙත් ලිංගය ඇදවිය යුතුයි.ලිංගේන්ද්‍රය ඇදනම් ඒකට හේතුව වෙනම දෙයක් විය යුතුයි.ඊට ප්‍රතිකාර සඳගා ඇතැම් විට ආයුර්වේදී සම්භාහන ක්‍රම භාවිත කල හැකි අතර ඇතැම් විට ශල්‍ය වෛද්‍ය වරයෙකු කරා යොමු වන්නට සිදුවේවි.


7.පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද?

අපේ සිරුර හැදිල තියෙන්නෙ සප්ත ධතු වලින් කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ශුක්‍ර ධාතුවත් ඉන් එකක්.ඉතින් මෙම ධාතූන් ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වැහැරීමට හේතු වෙනව කියල මතයක් තියෙනව.ඒ මතය සමාජයෙ ගොඩල් කිඳා බැහැපු මතයක්.

සමහරු කියනව ශුක්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500ක් පමණ උවමනා වෙනව කියල.ඒ මතේ උඩම ඉඳගෙන එයාල කියනව ශුක්‍ර ධාතු ඉතින් ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාව නොහොත් පාණ්ඩුව ඇති වෙන්නත් පුලුවන් කියල.නමුත් ඒ මතයද යටපත් වෙන්නෙ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය චන්න විජේසිංහ මහතා දුන් දේශන කොටසකට අනුවයි.

"හිස් ගෙඩියන්ගේ හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රාණු කෝටි ගණන් වෘෂණ යුගල තුල නිර්මාණය වේ.ශුක්‍රාණු වල ප්‍රමාණය ශුක්‍ර තරලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නෙ.ශුක්‍ර තරලය නිෂ්පාදනය වෙන්නෙ ශුක්‍ර ආශයිකා සහ පුරස්ථි ග්‍රන්ථි තුලයි.ලිඳේ උල්පතකින් වතුර උනනව වගේ ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතාම අපේ සිරුර තුල නිෂ්පාදනය වෙනව.හරියට අපේ කටට කෙළ උනනව වගේ.ඛෙඨ ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ.ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ."

මේ කතා කලේ ස්වයං වින්දනය හා ඒ ආශ්‍රිත සුලභ ගැටලු කීපයක් විතරයි.හුදෙක් විනෝදයක් ගෙන දෙන දෙයකට වඩා වටිනා හරාත්මක දෙයක් දෙන එක හොඳයි කියල හිතුන.ගන්න දෙයක් තියේ නම් අරන් යන්න.කමෙන්ට් නැතුවට කමක් නෑ.හැකිනම් ඇනෝ හරි ඇවිත් සප් එකක් දෙන්න.මගේ ඊලඟ ලිපිය වැදගත් වේවි දරුවෙකු බලාපොරොත්තු වන ඔහුට හෝ ඇයට.එතකන් සමුගන්නම්...